විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Sunday, January 30, 2011

රොබෝ කුරුමිණියා අංක 2

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ චමියට පුංචි නිදහසක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න. ඉතින් පොරොන්දු උන විදියටම හදපු කුරුමිණියා ගැන අද කියන්නම්කො.

කලින් කියපු විදියටම ඔන්න රොබෝ තාක්ෂණය ඉගෙන ගන්න ආසාවෙන් චමියා ආවනෙ ඒව උගන්නන තැනට. ඇවිත් ඉතින් බොහොම අමාරුවෙන් අටවගත්ත කුරුමිණියා අපේ ගුරුතුමාට පෙන්නුවා. බොලේ ගුරුතුමාට එක මාර සැටිස්. ඔන්න ඉතින් ඔහොම හොස්ටල් එකට වෙලා ඉන්නකොට ගුරුතුමා කතාකලා. චමියත් ඉතින් ගියා මොකද බලන්න. වැඩේ හරි............ ඇවිත් දවසක් වත් යන්න උනේ නෑ චමියට පැවරුනා මහා භාරධූර කාර්යක්.

ලඟදිම පැවැත්වෙනවා ප්‍රදර්ශනයක්. එකට ඉදිරිපත් කරන්න ඔනේ කියල හදන්න කියාපි කුරුමිණියො 10ක්........... කොලඹ තියනවා කිව්වා ගියර් මෝටර් කියල ජාතියක්. ඒව අරන් හදන්න කිව්වා. දැන් ඉතින් චමියා දහ අතේ කල්පනා කලා, ගියර් මෝටරයකුත් දාලා හදන්නනම් කුරුමිණියා මාර ලොකුවට හදන්න වෙයි කියල. ඇයි ඉතින් මෝටරේට ගියර් සෙට් එකකුත් තියනවනම් ඒක කොච්චර ලොකු වෙන්න ඕනිද නේද?

ඔන්න ඉතින් මෝටර් ගන්න වැඩේ ටිකක් පස්සට දාල අවශ්‍ය වන ඉතුරු බඩු ටික හොයන්න ගත්තා...... ලොකු ලී කෑටි ටිකක්, දැතී රෝද වගේ දේවල් තමා හෙව්වේ.... ගුරුතුමා ආයෙත් කතා කරල ඇහුවා ඇයි ඕවා හොයන්නේ මම කිව්වෙ බැටරි කේස් එකට සෙට් කරන්න කියලනෙ කියල කිව්වා. මලකෙලියයි... බැටරි කේස් එකට හයිකරන්නේ කොහොමද ගියර් මෝටරේ? චමියට මාර ප්‍රශ්නේ......... ඉතින් චමියා ඇහුවා ඔය කියන ගියර් මෝටරේ මොන වගේ එක්ද? එක කොච්චර විතර ලොකු ද කියලා. ඔන්න එතකොට ගුරුතුමා පෙන්නුවා ගියර් මෝටරයක්.

හත්වලාමයි. එක හරියට පෑනක ක්ලිප් එකක් විතර ඇති. එතකොට තමයි චමියට වැඩේ තේරුනේ.......... ඔන්න ඉතින් චමියා කුරුමිණියා හැදුවා. චමියා පුල් හැපී........ එක කිරිටොය්යා වගේ වැඩ.. සතුට කියාගන්න වචන නෑ.......... මේ ඉන්නෙ චමියා හදපු කුරුමිණියා.......




කුරුමිණියා එදා සහ අද............


මෙන්න මෙහෙමයි මේකගේ ගමන...............

12 comments:

  1. නියමයි මචං තව දියුනු කරමු..!!!!!!
    දිගටම ලියන්න අපි කියවනවා

    ReplyDelete
  2. @ සනියා:
    බොහොම ස්තූතියි සහො............

    ReplyDelete
  3. මැක්සා මචන්!!!

    ReplyDelete
  4. මම දැක්කේ අදමයි අයියේ සිරා

    ReplyDelete
  5. අඩේ උපරිමයි ආ! මැක්සා! ආස හිතෙනවා බං මේවා දැක්කම!

    ReplyDelete
  6. mallege wada nam niyamae..........

    ReplyDelete
  7. නියම වැඩක්...
    ගෙදරදීම රොබෝලා හදන්න, Arduino, Raspberry Pi ගැන ඉගෙන ගන්න නියම සිංහල blog එකක් හම්බ උනා Electronic ගැන උනන්දු කාටත් මේක වැදගත් වෙයි.
    http://lankarobotic.blogspot.com/

    ReplyDelete
  8. Lucky Club | Play Online Casino Games at Lucky Club
    Lucky Club is an online casino that brings you the best casino games to play luckyclub.live at the most exciting online casinos in the business. Join today to claim your welcome

    ReplyDelete