විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Thursday, October 25, 2012

රූබික්ස් කැටයක් විසඳමු - 01

අවුරුද්දකුත් මාස 5 කට පස්සේ නැවතත් බ්ලොග් එක ලියන්න කියලා පුංචි වෙලාවක් වෙන් කරගත්තා........ හැමදාමත් ලියන්න හිතාගෙන හිටියට ලියන්න වෙලාවක් වෙන් කරගන්න එක හරියට මොකක්ද එකාගෙන මොකක්ද එකක් ගන්නවා වගේ වැඩක්........

ගෙවුනු කාලෙ බොහෝ අකරතැබ්බ, සතුටුදායක දේවල් එහෙම හුඟක් සිදු උනා...... ඒවා කියන්න ගියොත් එහෙම ලියල ඉවරයක් කරන්න වෙන්නෙ නෑ..... ඒ නිසා අද අලුත් මාතෘකාවක් පටන් ගමුකො එහෙනම්.....

ඔන්න චමියා රැකියාව එහෙම කරගෙන ඉන්නකොට දවසක් කොලඹ ආනන්ද විද්‍යාලයේ සංවත්සරයක් තිබුනා අනඳ අභිමන් කියලා. ඉතින් ඒකෙ චමියා රැකියාව කරන ආයතනයෙනුත් ස්ටෝල් එකක් දාල තිබුනා. ඒකෙ වැඩ වලට ඉතින් එහෙන් මෙහෙන් චමියත් සහභාගි උනා. ඔය අතරෙ ඒ පාසලේ තිබුන දේවලුත් බලන්න අපේ කස්ටිය ගියා. ඕන්න එහෙම යනකොට අපේ එකෙක් රිංගුවා ඒකෙ තිබුන ස්ටෝල් එකකට. ඒකෙ තිබුනෙ Rubik's Cube (රූබික්ස් කියුබ්) එහෙමත් නැත්නම් රූබික් කැටය විසඳන ආකාරය පිලිබඳ ස්ටෝල් එකක්. ඕක දැකපු අපේ එකාට හෙන ආතල්. ඒකා පහුවදාම MC එකෙන් රූබික් කැටයක් අරන් හදන්න දත කෑවා. ඔය කියන එකාට ලෂාන් චන්දික කියලා තමයි උප්පැන්නේ නම දාලා තියන්නෙ.

මේකා රූබික් කැටේ හදන්න පුදුම දුකක් වින්දා. එත් හරිගියේ නෑ. අන්තිමට මේකා වැඩේ අතහැරලා දැම්මා. ඔන්න ඉතින් ටිකෙක් ටික චමියටත් ඒ ලෙඩේම වැලඳුනා... දැන් ඉතින් චමියගේ වැඩේ රූබික් කැටේ හදාගන්න එකමයි. රාජකාරි වෙලාවෙත් චමියා කරන්නේ කැටේ අල්ලගෙන ඒක විසඳන්න දඟලන එකමයි. අන්තිමට මොකෙක් හරි අලුකුත්තේරුවෙක් එක්කො කැටේ ඉස්සුවා. එහෙමත් නැත්නම් හැංගුවා. චමිය නෙවෙයි ඒකෙන් සැලුනේ. පඩි හම්බුන ගමන් චමියා ගියා MC එකට. සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ගත්තා හොඳ රූබික් කැටයක්. අන්තිමට කොහොම හරි මාස දෙක හමාරක් දඟලලා දඟලලා චමියා වැඩේ අල්ලා ගත්තා....

ඉතින් චමියට හිතුනා අපේ බ්ලොග් පරිශීලනය කරන අපේ කොල්ලො කෙල්ලන්ට දන්න සිංහලෙන් මේ රූබික් කැටේ හදන්නෙ කොහොමද කියලා උගන්නන්න. අදම ඔක්කොම කියන්න ගියොත් වැඩේ දික්ගැස්සෙන නිසා අදට ඔත්තුවක් දෙන්නම් කරන්න යන වැඩේ ගැන.

රූබික්ස් හදන්න ඉගෙනගන්න ආස අය කැටයක් එහෙම හොයගෙන වැඩේට ලෑස්ස්ති වෙන්නකෝ...........

රූබික් කැට රු. 50 සිට ඉහල මිල ගනන් වලට ගන්න පුලුවන්. මිලදී ගන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ ඒ රු. 50 ට තියන කැටනම් මිලදී ගන්න එපා කියලයි. ඒක නිකන් නමට රූබික් කැටයක් විතරයි. සාමාන්‍ය හොඳ රූබික් කැටයක් රු 350ක් 400ක් විතර වෙනවා. ගන්න පුලුවන්නම් හොද කැටයක් ගන්න. ඒකක් නම් ටිකක් ගනන්.  රු.1500ක් විතර වෙනවා.

මේ තියන්නෙ ඒ මම කියපු තරමක් මිලෙන් අධික රූබික් කැටයක්. මේවා සාමාන්‍ය සෙල්ලම් බඩු වෙලඳ සැල් වලින් මිලදී ගන්න පුලුවන්.

එහෙනම් කස්ටිය රූබික් කැටයක් එහෙම හොයාගෙන වැඩේට ලෑස්ති වෙලා ඉන්නකෝ...... ඊලඟ දවසේ ඉඳලා වැඩේ කරන විදිය ඉගෙන ගමු. එතෙක් ඔබ සැමට ජය.............

15 comments:

  1. Hutaa... koo dan ithin idapankoo

    ReplyDelete
  2. බලපං අයියා! මං මේ විසඳන්න කියලා ලෑස්ති උනේ! දැං ඉඳහංකෝ ඊළග කතාව එනකල්!

    ReplyDelete
  3. හැමෝම ලඟ රූබික්ස් නැති නිසා හොයාගන්න කල් දෙන්න ඕනෙ නිසයි මෙතනින් නැවැත්තුවේ......

    ReplyDelete
  4. ඒක වැදගත් දෙයක් බව ගෝඩ් ෆාදර් පිලිගන්නවා

    ReplyDelete
  5. මමනම් හිතුවේ මේකත් අර සෑමා වගේ අලුගුත්තේරු කතාවක් කියල

    ReplyDelete
  6. ඒ කලාව ඉගෙන ගන්න නම් මමත් කැමතියි.. :)

    ReplyDelete
  7. අනිත් දවසේ ගලවලා ආයේ හරියට සෙට් කරන්න කියලා කියන්න එපෝ....

    ReplyDelete
  8. පචයක් එහෙම අතාරින්නෑ නේද ඊලග පොස්ට් එකේ :)

    ReplyDelete
  9. සැමාගෙ පෝස්ට් එකෙන් පස්සෙ කැටයක් අරන් හදාගන්න බැරුව ඉන්නෙ. ඔරලෝසුවට ලිපියෙ තීරුවක් වැහිලනෙ.

    ReplyDelete
  10. මම තමයි අනද අභිමන් Exhibition එකේ ස්ටෝල් එක දැම්මේ.
    හොඳ post එකක්.මේ තියෙන්නේ මගේ video එකක් එදා exhibition එකේ.

    http://www.youtube.com/watch?v=OqGvkIlQ_-g

    contact කරන්න කැමතිනම්
    facebook.com/prasadmanjulago

    0754157831

    ReplyDelete
  11. එලස් මචන් මේ ගමන්ම දෙවෙනි එකත් කියවන්න ඕනා..

    ReplyDelete
  12. සියලු දෙනාට තුති. ප්‍රසාද් මලයනම් පට්ට වැඩ කාරයෙක් ඈ.... අපේ කොල්ලෙක් ගෙ වැඩක් නිසා චමියා හද පතුලෙන්ම සුභ පතනවා......

    ReplyDelete