විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Wednesday, October 31, 2012

රූබික්ස් කැටයක් විසඳමු -02

පළමුවෙන්ම මෙම පෝස්ට් එක දාන්නම් කියපු වෙලාවට දාන්න බැරි උන එකට සමාව අයදිනවා.. හදිසියේම නිවාඩුවක් අරන් ගමේ යන්න සිදු උනානේ........ හරි දැන් එහෙනම් වැඩේට බහිමුකෝ වෙනත් වැල්වටාරම් නැතිව.

රූබික් ඉගෙන ගන්න ආසා කස්ටිය මේ වෙනකොට කැටයක් එහෙම හොයාගෙන බොහොම ලක ලෑස්තියෙන් ඇති කියලා චමියා හිතනවා. එහෙනම් මේක ඉගෙන ගන්න කලින් අපි නිවැරදිව රූබික් කැටයක් භාවිතා කරන ආකාරය සහ ඒහි ස්වභාවය හඳුනාගෙන ඉමු.

රූබික් කැට 3x3x3, 4x4x4, 5x5x5x ආදී වශයෙන් විවිධාකරයෙන් වෙලඳ පොලේ දැකගන්න පුලුවන්. නමුත් සාමාන්‍ය කැටයක් එනම් Standard රූබික් කැටයක් වෙන්නේ 3x3x3 එකයි. ලෝකයේ වැඩියෙන්ම විකිණෙන සෙල්ලම් භාන්ඩය ලෙස සැලකෙන්නෙත් රූබික් කැටයයි. මෙහිදී රූබික්ස් කැටයේ ආරම්භය, එහි වතගොත ගැන කතා නොකර චමියා කෙලින්ම වැඩේට බහින්නම්. මම මෙහිදී කතාකරන්න යන්නේ 3x3x3 කැටයක් හදාගන්න ආකාරය ගැන පමණයි. අනිත් ඒවා ගැන අහලා, මේකට උදැල්ලා දාන්නනම් එපා කියලා චමියා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද ඒ සම්බන්ධයෙන් කියන්න චමියා දන්නෙත් නෑ....මොකද චමියත් තවම මේ කලාවට බොහොම ආදුනික හැන්චි බච්චෙක්..........

මින් ඉදිරියට මම කතා කරන්නේ 3x3x3 කැටය ගැන පමණක් නිසා "කැටය" ලෙස හඳුන්වනු ලබන්නේ 3x3x3 කැටයක් ගැනයි.

3x3x3 රූබික් කැටයකට මුහුනත් 6 ඇති අතර එම මුහුනත් ප්‍රධාන වශයෙන් රතු, කහ, තැඹිලි, සුදු, කොල සහ නිල් වශයෙන් වර්ණ ගන්වා තියනවා. වෙනත් වර්ණ උනත් තියෙන්න පුලුවන්. නමුත් පිලිගත් ලෙස ඇත්තේ මේ වර්ණ ටික තමයි.

රූබික් කැටයක මුලු වල ඇති කොටස්  corner pieces ලෙස හඳුන්වන අතර කැටයකට මෙම  corner pieces 8ක් ඇත. පහත රූපයේ වර්ණ වලින් දක්වා ඇත්තේ එම කොටස් 8යි.
corner pieces
corner pieces ක් අතර ඇති කොටස්  edge pieces ලෙස හඳුන්වනු ලබන අතර කැටයක edge pieces 12ක් තියනවා. මේ තියන්නේ ඒ ටික.
edge pieces
එක මුහුනතකට එක බැගින් ඇති අනිත් කොටස් හඳුන්වන්නේ centre pieces ලෙසයි. යම්  මුහුනතක වර්ණය තීරණය කරන ප්‍රධාන සාධකය මෙය වන අතර වෙන කුමන කොටසක් මොන අතකට කැරකුවත් වෙනස් නොවන එකම කොටස වන්නේ මෙම centre piece එකයි. එනම් යම් මුහුනතක වර්ණය හඳුනා ගන්නේ මෙම centre piece එකෙන් තමයි.
centre pieces


හරි.. මේ තියන්නේ රූබික් කැටයක මූලික Notation ටික. එහෙමත් නැත්නම් අංකනයන් ටික. මේ ටික නොදැන, මතක තබාගන්නේ නැතිව නම්  රූබික් කැටයක් හදන්න හිතන්නවත් බෑ.


අපි රූබික් කැටයක් අතට ගත්තම අපිට මුහුණලා තියෙන මුහුණත, එනම් අපිට කෙලින්ම ඉදිරියෙන් පෙනෙන මුහුණත Front එහෙමත් නැත්නම් F ලෙස හඳුන්වනවා.

එවිට දකුණු පසින් පිහිටන මුහුණත Right නැතිනම් R ද,
වම් පසින් පිහිටන මුහුණත Left හෝ L ලෙසද,
ඉහලින් පිහිටන මුහුණත Up හෝ  U ලෙසද,
පහලින් පිහිටන මුහුණත Down හො D ලෙසද,
F මුහුණතට විරුද්ධ පැත්තේ මුහුණත Back හෝ B ලෙසද හඳුන්වනවා. මේ ටිකනම් ඉතාමත් වැදගත්.....

ඊලඟ වැදගත්ම කාරණය තමයි අපි මුහුණතක් කරකවන පැත්ත.

උදාහරණයක් විදියට අපි F මුහුණත දක්ෂිණාවර්තව කැරකුවොත්, එහෙමත් නැත්නම් ඔරලෝසු කටු කැරකෙන අතට කැරකුවොත් එය F ලෙස හඳුන්වන අතර වාමාවර්තව කැරකුවොත් එය Fi, නැත්නම් Front inverse ලෙස හඳුන්වනවා.

අනිත් මුහුණත් සියල්ලටම මෙම නීතිය වලංගු වන අතර  ඒ සඳහා තරමක පුහුණුවක් අත්‍යාවශ්‍යයි. එනම් R මුහුණත දක්ෂිණාවර්තව කරකන විට කැරකැවෙන්නේ තමාගෙන් ඉවත දෙසට වුවත් L මුහුණත දක්ෂිණාවර්තව කරකවන විට කැරකැවෙන්නේ තමා දෙසටයි.

මෙය පුහුණු වීමට මේ විදියට කරලා බලන්න. කරකැවිය යුතු මුහුණත තරමක් තමන් දෙසට හරවාගෙන ඊට පසුව දක්ෂිණාවර්තව කරකවා බලන්න. මුලින් උත්සාහ කරලා බලන්නකෝ....

මේ විදියට තමයි මූලික වශයෙන් අපි රූබික් කැටයක් හදන්න ආරම්භ කරන්නේ.

එහෙනම් අපි වැඩේ පටන් ගමු.

රූබික් කැටයක් සෑදීම ආරම්භය තමාට කැමති මුහුණතකින් ආරම්භ කරන්න පුලුවන්. මම ආරම්භ කරන්නේ කොලපාට මුහුණත ඉහලට හරවාගෙන.

පලමු පියවර විදියට අපි හදන්න යන්නේ මෙන්න මේ වගේ සැකසුමක්.....



එහෙනම් කස්ටිය මුලින්ම කොලපාට centre piece එක ඉහලට එන විදියටත් රතු පාට centre piece එක  තමන් දෙසටත් හිටින විදියට හරවා ගන්නකෝ.......

දැන් අපි අපේ ඉලක්කයට යන්නනම් පලමුවෙන්ම කොලපාට සහ රතුපාට  centre pieces දෙක අතරට කොල-රතු තියන edge piece එක ගේන්න වෙනවා....

වීඩියෝ එක බලලා වැඩේ අල්ලගන්නකෝ......



හරි දැන් කස්ටිය එහෙනම් ඉහල රූපයෙ තියන විදියට කොලපාට මුහුණතේ කොලපාට + ලකුණක් හදාගන්න ඕනෙ. ඒත් එක්කම ඒ + ලකුණ හැදෙනකොට වටෙන් තියෙන මුහුණත් වල පාට 2ක් හරියට හැදිලා තියෙන්න ඕනෙ. උත්සාහයක් දරලා බලමු එහෙනම් කස්ටියගේ වැඩ කොහොමද කියලා?...

මේකත් බලන්නකෝ......


 අදට මේ ඇති............ මේ ටික කරලා බලලා වැඩේ අල්ලගෙනම ඉදිරියට යමු.... එතෙක් ඔබට ජය........

10 comments:

  1. අගනා ලිපියක්. පරිගණක ක්‍රීඩා වලම එල්ලිලා ඉන්න අයට, ඇත්තටම මොලයට ව්‍යායාමයක් දෙන්න, රුබික්‌ කැටයට පුළුවන්. ඉතිරි කොටස් පලවනතුරු බලා ඉන්නවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. ඉතා වටිනා ලිපියක් . ඉතුරු කොටස් ටිකත් හැකි ඉක්මනට දාන්න..

    ReplyDelete
  3. එල චාමිකර අයියා! මේක නම් විහිලුවක් වෙයි කියලා හිතුවට උඹ සිරා ලියනවා! හැබැයි ඊළග සතියෙ කියන්න නං ඕං එපා නියන් අරං ගලෝගෙන වැඩ කරමු කියලා!

    ReplyDelete
  4. පට්ට ආතල්... නියමයි මිස්ටර් චමියා අයියේ,....

    ReplyDelete
  5. මුල් ලිපියෙන් මන් හිතුවේ අපිට ටොපියක් දෙන්න යනවා කියලා නෑ බලාගෙන යනකොට කොල්ලා රුබික් එක හදයි වගේ..

    ReplyDelete
  6. එල අයියේ කැටයක් අරන් කරන්න ඕනා.

    ReplyDelete
  7. Ape chamikara sirge wadanam patta.Ithuru tikath ikmantama kiyanda puluwan wei kiyala hithanawa.Habai kauruth meyata aiya kiyanda epa.meya lecturer kenek.Supiri wadakarayek.

    ReplyDelete
  8. Machan ituru tikath dennako

    ReplyDelete
  9. Ane hadana hati mata witharak hari kiyannako imo-0774267466
    whatsapp-0718119357

    ReplyDelete