මොකක්ද මේ ටයන්න?
චමියත් ඉතින් උඩරට කොල්ලෙක්නෙ. චමිය මේක කියන්නෙ බොහොම ආඩම්බරෙන්. ඉතින් චමියට හිතුනා උඩරට මිනිස්සුන්ගෙ ආරට හුරු ට යන්න ගැන කතාවක් කියන්ට. උඩරට මිනිස්සු කතාකරනකොට වචනයක් ඉවර කරන්නෙ ට නන්නෙන් නෙ. ඔයාලට එක තෙරෙනව ඇතිනෙ ටිකක් කතකරනකොට. හරියට මෙන්න මේ වගෙ......
නාන්ට යන්ට එන්ට කියන්ට.............
ඉතින් ඔයාලට මේක කියන්ට හිතුනෙ චමියගෙ ජීවන අත්දැකී එක්කයි. චමියත් ඉතින් උඩ රටට වෙලා ටක ටක ගගා ඉඳල ඔන්න වැඩිදුර අධ්යාපන කටයුතු වලට කියලා පල්ලම් බැස්සා ගම්පහ පැත්තට. ඉතිං චමියට යාලුවො ටිකක් එහෙමත් එහෙදි හම්බ උනා. හැබයි ඉතිං හරි ප්රශ්නෙ තමයි චමියට උනේ. චමියා විතරයි ඕං උඩරටින් පල්ලම් බැහපු එකෙකුට හිටියෙ. අනිත් අය ඔක්කොම කතා කරන්නෙ න යන්නෙන් වචන ඉවර කරලයි. චමිය විතරක් ට යන්නෙන් කතාකරන්නවා. ඉතින් ඔන්න යාලුවො ටික චමියට විහිලු කරන්න ගත්තා. එත් ඉතිං මොනවා කියල කරන්ටද? චමියා බොහෝම අමාරුවෙන් කට පාලයන කරගෙන ට යන්නටත් නැතුව න යන්නටත් නැතුව අන්තිම ශබ්දය වැඩිය තෙරෙන්නෙ නැති විදියට කතා කරන්ට පුරුදු උනා.
මිනිස්සුන්ගෙ තියන්නෙ අමුතුම ආකල්පනෙ. ඔන්න කොහෙ හරි ඉඳලා ආපු එකෙක් ටයන්නෙන් කතා කලොත්, න යන්නෙන් කතාකරන හරි වැදගත් පොෂ් කියල හිතාගෙන ඉන්න මිනිස්සු ඒකට විහිලු කරනවා, එහෙමත් නැත්නම් ලැජ්ජා කරනවා ගොඩයෙක් කියලා. ඒ වගේම න යන්නෙන් කතා කරන එකෙක් උඩරටට ඇවිත් න යන්නෙන් කතා කලොත් ඒකට කියනවා, මේකගෙ විච්චූරන, බොරු සෝබන දානව කියලා. ඔන්න ඕකයි අපේ කස්ටියගෙ හැටි.
චමියට ඔය අවස්ථා දෙකටම මුහුන දෙන්ට සිදු උනා. උපන් දා ඉඳල හුරු එහෙමත් නැත්නම් පුරුදු ට යන්න කියන්ට බෑ කොලඹ පැත්තට ගියොත්. ආයෙත් ගමට ආවම න යන්න කියන්න බෑ. ඒ නිසා චමියා දැන් ඒ දෙකටම පුරුදු වෙලා. තැනේ හැටියට යන්තං ඇණේ ගහගන්ට දැන් චමියට පුලුවන්.
ඉතිං චමියා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලන්නෙ කෙනෙක්ගෙ වචන විලාශය නිසා ඒ කෙනාව අපහසු තාවයට පත් කරන්ට එපා කියලයි. චමියා ඉතිං ඕනි දේකට ඔට්ටු කොල්ලෙක් නිසා වැඩේ ෂේප් උනා. එත් සමහර අය මේ නිසා හුඟක් අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම බවලත් උදවිය. එහෙමත් නැත්නම් ගැහැනු අය කියමුකෝ.
චමියා ඉතිං මේ දඟලන්නෙ කොහොම හරි ට යන්න ටිකක් ප්රචලිත කරන්ට. ටැලිවිසොං එකේ අටපට්ටම කරන දඩිබිඩිස් නං ඕං කට ඇරල ට යන්නෙන් කතා කරනවා. ඒ වගේ කීපදෙනෙක්ම ටැලිවිසොං එකේ ඉන්නවා. ඒ අයට මෙන්න චමියගෙ උපහාරෙ..................... අනිත් අයට නරකක් කියනව කියල වැරදියට තේරුම් ගන්ට එපා ඉතිං හොඳේ..............
චමියා ඉතිං කාටත් හිත හොඳ එකානෙ................
මේ ගැන ඔයාලටත් මොනවහරි හිතෙනවනම් දාන්ටකො බලන්ට කොමෙන්ටුවක්............
Saturday, October 9, 2010
Friday, October 8, 2010
එපාම උන දවසක්
මේ දවස් වල චමිය ඉන්නෙ ගෙදරනෙ. අධ්යාපන වැඩ වලට පොඩි නිවාඩුවක් හම්බුනානෙ. මේක ඒ දවස් වල චමියට වුනු අකරතැබ්බයක්. ඔන්න චමිය උදේම නගිටල (උදේම කිව්වට 7.30 ට විතර) දත කට මැදගෙන තේ එකක් බීල එහෙම ගියා ගේ වටේ රව්මක්. මෙන්න බොලේ වතුර ටැංකිය පිටාර ගලනවා.(overflow වෙනවා කිව්වනම් තේරෙනවනෙ). චමිය බොහොම අමරුවෙන් වහලෙට නැගල බැලුවා මොකක්ද මේ සීන් කෝන් එක කියලා. බලනකොට ටැංකියේ float valve එකේ කූර ඇදවෙලා. ඒ නිසා ටැංකිය සීමාව ඉක්මවා පිරිල.
ඔන්න ඉතින් කොල්ලා ඒ කූර කෙලින් කරන්න ගිහින් කැඩුනනෙ හරි මැදින්ම. ඔන්න ඉතින් ඒ ගැන හිත හදාගෙන එකට පිලියමක් යොදන්නම් කියලා ඉතුරු ටික ගලවන්න පටන් ගත්තා. අනේ අපොයි. ඉතුරු කෑල්ලත් කැඩුනා. මාර අස්පට් එක. කොහොම කොහොම හරි ඒක ගලවගෙන පහලට බහිනකොට පහලිනුත් වතුර ලීක්. (කොල්ලා උඩ ඉඳන් වැඩ දාල ගලවන අතරෙ පහල ජොයින්ට් බුරුල් වෙලා).
අනේ අපොයි. තද කරනකොට කැඩුනා කියමුකො ඒක දෙපැත්තට සවිකරන සොකට් දෙකෙන් එකකුත්. කැඩුනු කෑල්ල ඔය පේන ත්රෙඩ් එක ඇතුලෙ හිරවෙලා. ඊට පස්සෙ දඬු අඬුවට දාල බොහොම අමාරුවෙන් ඒ කෑලි ටිකත් අයින් කරලා කොල්ල අම්මට ගත්තා දුරකතන ඇමතුමක් (Call එකක් කියල සිංහලෙන් කිව්වනම් තෙරෙනවනෙ).
මේ තියන්නෙ ඔය කියපු float valve එකක්. මේකෙ ක්රියාකාරිත්වය හිතාගන්න පුලුවන් ඇති කියලා හිතනවා. තේරෙන්නෙ නැත්නම් අහන්නකෝ...........
ඔන්න ඉතින් කොල්ලා ඒ කූර කෙලින් කරන්න ගිහින් කැඩුනනෙ හරි මැදින්ම. ඔන්න ඉතින් ඒ ගැන හිත හදාගෙන එකට පිලියමක් යොදන්නම් කියලා ඉතුරු ටික ගලවන්න පටන් ගත්තා. අනේ අපොයි. ඉතුරු කෑල්ලත් කැඩුනා. මාර අස්පට් එක. කොහොම කොහොම හරි ඒක ගලවගෙන පහලට බහිනකොට පහලිනුත් වතුර ලීක්. (කොල්ලා උඩ ඉඳන් වැඩ දාල ගලවන අතරෙ පහල ජොයින්ට් බුරුල් වෙලා).
ඔන්න ඔය වෙලාවෙ චමියගෙ අම්මා වැඩ වගයක් කරගන්න town එකට යන්න සූදානම් වෙනව. චමිය කොල කෑල්ලක් අරගෙන එකෙ ලියල දුන්න 1" float valve එකක් ගෙන්න කියලා. එකත් අරන් චමියගෙ අම්මත් ගමන යන්න පිටත් උනා.
ඔන්න ඉතින් චමිය spanner දෙකක් එහෙම අරගෙන ගැලෙව්වා වතුර ලීක් වෙන තැන. ගලවල එතනට tread seal ටිකක් හොඳට ඔතලා ආයෙත් තද කලා ගලවපු non return valve එක.
මේ තියන්නෙ ඔය කියපු එක. මේකෙන් වතුර යන්නෙ එක පැත්තකට විතරයි. ඒකනෙ ඉතින් non return කියන්නෙ නේද...............
අනේ අපොයි. තද කරනකොට කැඩුනා කියමුකො ඒක දෙපැත්තට සවිකරන සොකට් දෙකෙන් එකකුත්. කැඩුනු කෑල්ල ඔය පේන ත්රෙඩ් එක ඇතුලෙ හිරවෙලා. ඊට පස්සෙ දඬු අඬුවට දාල බොහොම අමාරුවෙන් ඒ කෑලි ටිකත් අයින් කරලා කොල්ල අම්මට ගත්තා දුරකතන ඇමතුමක් (Call එකක් කියල සිංහලෙන් කිව්වනම් තෙරෙනවනෙ).
කෝල් කරල අම්මට කිව්වා 3/4" male threaded socket එකකුත් ඕනි කියලා. හොඳ වෙලාවට කතා කරන වෙලාවෙ අම්ම හිටියෙ හාඩ්වෙයාර් ෂොප් එකේ.
මාර වැඩේ. මෙන්න බොලේ ගේන්න කියපු float valve එක රුපියල් 1600 ක් ලු. ඒ වෙලාවෙ අම්ම අතේ ඒකට එචර වියදම් කරන්න සල්ලිත් නෑලු. ඊට පස්සෙ චමිය කිව්වා එහෙනම් ඒක එපා, 3/4" male threaded socket එක විතරක් ගේන්න කියලා.
එහෙම කියලා කොල්ලා කල්පනා කලා දැන් මොකද කරන්නෙ කියලා. ටිකක් එහෙට මෙහෙට ඇවිදිනකොට චමියට හම්බුනා තඹ බට කෑල්ලක්. කොල්ලා මේක අරන් තලලා පොඩිකරලා කපල කොටලා කොහොමහරි හැදුවා කැඩුනු float valve එකේ කූරට හරියන කෑල්ලක්. එක සවිකරලා බැලුවා. වැඩේ ගොඩ. එක තිබුනා වගේම වැඩ.
ඔන්න ඉතින් කොල්ලා යන්තම් සුසුමක් එහෙම හෙලලා වෙලාව බලනකොට 3.30 ටත් කිට්ටුයි. උදේ 8.00 ට විතර පටන් ගත්තු වැඩේ................
කොල්ලට දැන් හොඳටම බඩගිනි. ඊට පස්සෙ ඕං කකා ඉන්නකොට අම්මත් ආවා. කාලා ඉවරවෙලා ඉතුරු වැඩ ටිකත් ඉවර කරන්නම් කියලා තිතාගෙන අම්ම ගෙනාපු socket එක අතට අරන් බලනකොට.........
හත්වලාමයි............... 3/4" සොකට් එක වෙනුවට අම්මා ගෙනත් තියන්නෙ 1" සොකට් එකක්............
චමියගෙ සයිබර් සම්ප්රාප්තිය
ඔන්න ඉතින් චමියටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න. ආ............ පටන් ගන්නකොටම මතක් කරල ඉමුකො කොහොමද චමියට මෙකට හිතක් පහල උනේ කියලා.
ඔන්න දවසක් චමිය ගියා මූනු පොත පැත්තෙ. ඉතින් ඔහෙ එහෙට මෙහෙට වෙවී ඉන්නකොට චමිය දැක්ක යාලුවෙක්ගෙ link ගොඩාරියක් තියනවා. කිව්වෙ නෑනෙ ඉතින් යාලුවා කව්ද කියල. යාලුවා තමයි ඕං අපෙ Confiuzd ප්රෝග්රැමර්. චමිය සෑහෙන වෙලාවක් බ්ලොග් එක කියෙව්වා. ටිකෙන් ටික ටිකෙන් ටික කියවගෙන කියවගෙන ගිහින් සිංහල බ්ලොග් බර ගානක් කියෙව්ව කියමුකො ඉතිං.
ඔන්න ඔය වෙලාවෙ තමයි චමියටත් හිතුනෙ බ්ලොග් එකක් ලිව්වනම් හොඳයි කියලා. ඔන්න ඉතිං චමිය දවස් දෙකක් විතර කල්පනා කලා මොකක් ගැනද ලියන්නෙ කියලා. එතකොට තමයි කොල්ලට හිතුනෙ තමන් ආසම දේ ගැන ලිව්වනම් හොඳයි කියලා. කිව්වෙ නෑනෙ ඉතිං ආසම දේ මොකක්ද කියලා. කොල්ලා ආසම දේ තමයි මොනවා හරි ගැජමටික් අටවන එක. අටවනවා කිව්වට ඒව ඉතිං කොහෙන් හරි හොයාගන්න එවා තමයි. එහෙනම් ඉතිං ඊලඟ දවසෙ ඉඳල බලමු චමියගෙ ගැජමටික්....
කියන්න අමතක උනා....... සිංහලෙන් බ්ලොග් එක ලියන්න තවත් හේතුවක් උනේ මේ මට හම්බුනු සිංහල යුනොකෝඩ් ලියන සොෆ්ට්වෙයාර් එක. ඒක තමයි Realtime Singlish Beta 3. මේක හැදුවෙ කව්ද කියන්නනම් මම දන්නෙ නෑ. හදපු කෙනා කව්රු උනත් එයාට ගොඩාක් ස්තුති කරන්න ඕනි. ඒක මට දුන්නෙ උදය කුශාන් කොල්ලා........

Subscribe to:
Posts (Atom)