විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Saturday, October 9, 2010

"ට" ටයන්න ගැන කතාවක්

මොකක්ද මේ යන්න?

චමියත් ඉතින් උඩරට කොල්ලෙක්නෙ. චමිය මේක කියන්නෙ බොහොම ආඩම්බරෙන්. ඉතින් චමියට හිතුනා උඩරට මිනිස්සුන්ගෙ ආරට හුරු යන්න ගැන කතාවක් කියන්ට.  උඩරට මිනිස්සු කතාකරනකොට වචනයක් ඉවර කරන්නෙ නන්නෙන් නෙ. ඔයාලට එක තෙරෙනව ඇතිනෙ ටිකක් කතකරනකොට. හරියට මෙන්න මේ වගෙ......

නාන්ට යන්ට එන්ට කියන්ට.............

ඉතින් ඔයාලට මේක කියන්ට හිතුනෙ චමියගෙ ජීවන අත්දැකී එක්කයි. චමියත් ඉතින් උඩ රටට වෙලා ටක ටක ගගා ඉඳල ඔන්න වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට කියලා පල්ලම් බැස්සා ගම්පහ පැත්තට. ඉතිං චමියට යාලුවො ටිකක් එහෙමත් එහෙදි හම්බ උනා. හැබයි ඉතිං හරි ප්‍රශ්නෙ තමයි චමියට උනේ. චමියා විතරයි ඕං උඩරටින් පල්ලම් බැහපු එකෙකුට හිටියෙ. අනිත් අය ඔක්කොම කතා කරන්නෙ යන්නෙන් වචන ඉවර කරලයි. චමිය විතරක් යන්නෙන් කතාකරන්නවා. ඉතින් ඔන්න යාලුවො ටික චමියට විහිලු කරන්න ගත්තා. එත් ඉතිං මොනවා කියල කරන්ටද? චමියා බොහෝම අමාරුවෙන් කට පාලයන කරගෙන යන්නටත් නැතුව යන්නටත් නැතුව අන්තිම ශබ්දය වැඩිය තෙරෙන්නෙ නැති විදියට කතා කරන්ට පුරුදු උනා.

මිනිස්සුන්ගෙ තියන්නෙ අමුතුම ආකල්පනෙ. ඔන්න කොහෙ හරි ඉඳලා ආපු එකෙක් යන්නෙන් කතා කලොත්, යන්නෙන් කතාකරන හරි වැදගත් පොෂ් කියල හිතාගෙන ඉන්න මිනිස්සු ඒකට විහිලු කරනවා, එහෙමත් නැත්නම් ලැජ්ජා කරනවා ගොඩයෙක් කියලා. ඒ වගේම යන්නෙන් කතා කරන එකෙක් උඩරටට ඇවිත් යන්නෙන් කතා කලොත් ඒකට කියනවා, මේකගෙ විච්චූරන, බොරු සෝබන දානව කියලා. ඔන්න ඕකයි අපේ කස්ටියගෙ හැටි.

චමියට ඔය අවස්ථා දෙකටම මුහුන දෙන්ට සිදු උනා. උපන් දා ඉඳල හුරු එහෙමත් නැත්නම් පුරුදු යන්න කියන්ට බෑ කොලඹ පැත්තට ගියොත්. ආයෙත් ගමට ආවම යන්න කියන්න බෑ. ඒ නිසා චමියා දැන් ඒ දෙකටම පුරුදු වෙලා. තැනේ හැටියට යන්තං ඇණේ ගහගන්ට දැන් චමියට පුලුවන්.

ඉතිං චමියා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලන්නෙ කෙනෙක්ගෙ වචන විලාශය නිසා ඒ කෙනාව අපහසු තාවයට පත් කරන්ට එපා කියලයි.  චමියා ඉතිං ඕනි දේකට ඔට්ටු කොල්ලෙක් නිසා වැඩේ ෂේප් උනා. එත් සමහර අය මේ නිසා හුඟක් අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම බවලත් උදවිය. එහෙමත් නැත්නම් ගැහැනු අය කියමුකෝ.

චමියා ඉතිං මේ දඟලන්නෙ කොහොම හරි යන්න ටිකක් ප්‍රචලිත කරන්ට. ටැලිවිසොං එකේ අටපට්ටම කරන දඩිබිඩිස් නං ඕං කට ඇරල යන්නෙන් කතා කරනවා. ඒ වගේ කීපදෙනෙක්ම ටැලිවිසොං එකේ ඉන්නවා. ඒ අයට මෙන්න චමියගෙ උපහාරෙ..................... අනිත් අයට නරකක් කියනව කියල වැරදියට තේරුම් ගන්ට එපා ඉතිං හොඳේ..............

චමියා ඉතිං කාටත් හිත හොඳ එකානෙ................



මේ ගැන ඔයාලටත් මොනවහරි හිතෙනවනම් දාන්ටකො බලන්ට කොමෙන්ටුවක්............

6 comments:

  1. උඩරට වගේ තමා බොලේ රත්ගම..අහල නැත..රත්ගමයටත ඔහොම භාෂාවක් තියෙයි බොල...එලට ලියනවා කොලු..ඔහොම යමු

    ReplyDelete
  2. අනිවා අනිවා රත්ගමයෝ............ බොහොම පිං කොමෙන්ටුවට..... කතාකරනකොට කොහොම කතා කලත් ලියනකොට එකම විදියනෙ..... අපිවත් ඒක ටිකක් වෙනස් කරල බලමු නේද?............

    ReplyDelete
  3. thats really true malliya..... ur blog also looking really nice...

    ReplyDelete
  4. @ chamali akka;

    බොහොම ස්තුතියි අක්කෙ....කොමෙන්ටුවට...

    ReplyDelete
  5. මට නම් දැන් වැඩිපුර ඇහෙන්නෙ "ට" නෙවේ "ඩ"..කරන්ඩ..කන්ඩ..බොන්ඩ..
    ඒත් ඔයාගෙ කතාව ඇත්ත..කොහොමත් කෙනෙක් ගොඩක් විට බලන්නේ තව කෙනෙක් පහත් කරලා "ගොඩේ" කියලා හිතන්නමනේ..

    ReplyDelete
  6. අපිත් අයියල එක්කම ඉන්න කන්ද උඩ මිනිස්සු තමයි අයියා! එල!

    ReplyDelete