විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Friday, October 8, 2010

චමියගෙ සයිබර් සම්ප්‍රාප්තිය

ඔන්න ඉතින් චමියටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න. ආ............ පටන් ගන්නකොටම මතක් කරල ඉමුකො කොහොමද චමියට මෙකට හිතක් පහල උනේ කියලා.


ඔන්න දවසක් චමිය ගියා මූනු පොත පැත්තෙ. ඉතින් ඔහෙ එහෙට මෙහෙට වෙවී ඉන්නකොට චමිය දැක්ක යාලුවෙක්ගෙ link ගොඩාරියක් තියනවා. කිව්වෙ නෑනෙ ඉතින් යාලුවා කව්ද කියල. යාලුවා තමයි ඕං අපෙ Confiuzd ප්‍රෝග්‍රැමර්. චමිය සෑහෙන වෙලාවක් බ්ලොග් එක කියෙව්වා. ටිකෙන් ටික ටිකෙන් ටික කියවගෙන කියවගෙන ගිහින් සිංහල බ්ලොග් බර ගානක් කියෙව්ව කියමුකො ඉතිං.


ඔන්න ඔය වෙලාවෙ තමයි චමියටත් හිතුනෙ බ්ලොග් එකක් ලිව්වනම් හොඳයි කියලා. ඔන්න ඉතිං චමිය දවස් දෙකක් විතර කල්පනා කලා මොකක් ගැනද ලියන්නෙ කියලා. එතකොට තමයි කොල්ලට හිතුනෙ තමන් ආසම දේ ගැන ලිව්වනම් හොඳයි කියලා. කිව්වෙ නෑනෙ ඉතිං ආසම දේ මොකක්ද කියලා. කොල්ලා ආසම දේ තමයි මොනවා හරි ගැජමටික් අටවන එක. අටවනවා කිව්වට ඒව ඉතිං කොහෙන් හරි හොයාගන්න එවා තමයි. එහෙනම් ඉතිං ඊලඟ දවසෙ ඉඳල බලමු චමියගෙ ගැජමටික්....


කියන්න අමතක උනා....... සිංහලෙන් බ්ලොග් එක ලියන්න තවත් හේතුවක් උනේ මේ මට හම්බුනු සිංහල යුනොකෝඩ් ලියන සොෆ්ට්වෙයාර් එක. ඒක තමයි Realtime Singlish Beta 3. මේක හැදුවෙ කව්ද කියන්නනම් මම දන්නෙ නෑ. හදපු කෙනා කව්රු උනත් එයාට ගොඩාක් ස්තුති කරන්න ඕනි. ඒක මට දුන්නෙ උදය කුශාන් කොල්ලා........

6 comments:

  1. ela ela.. onna ithin ape thawa kenek blog liyanna goda bahala... digatama karagena yanna aiya.. jaya wewa...

    (sama wenna meka sinhalen damme nathi ekata.. mage com eke prashnayak nisa unicrd wada karanne na... ai kiyala man thama hoyanawa...)

    jaya weewa...digata karagena yannako... apitath monawa hari atawa ganna igana ganna puluwan ne... ::) :) :)

    ReplyDelete
  2. @ නිරහංකාර අහිංසකාවි;

    බොහොම ස්තූතියි නගො.....එහෙනම් ඉතින් කස්ටියම යමුකො දිග ගමනක්....

    ReplyDelete
  3. එල එල...
    ඔන්න අපිත් ආවා බලලා යන්න

    ReplyDelete
  4. @ බිඟුවා;
    මේ පැත්තෙ ඇවිත් ගියාට බොහොම ස්තූතියි බිඟුවෝ...........

    ReplyDelete
  5. ආහා චාමිකර අයියා! තෑන්ක්ස් ලින්ක් එක දුන්නට! හම්! ඔන්න මාත් විශ් කරනවා ඔදේ!

    ReplyDelete
  6. Blackjack Game - JTM Hub
    Play Blackjack with J.T.T. for 나주 출장마사지 FREE and win 군산 출장마사지 REAL money I was looking at a 이천 출장안마 new casino website, Blackjack Game and decided I wanted to try 경산 출장마사지 out. 전라남도 출장샵

    ReplyDelete