විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Friday, October 8, 2010

එපාම උන දවසක්

මේ දවස් වල චමිය ඉන්නෙ ගෙදරනෙ. අධ්‍යාපන වැඩ වලට පොඩි නිවාඩුවක් හම්බුනානෙ. මේක ඒ දවස් වල චමියට වුනු අකරතැබ්බයක්. ඔන්න චමිය උදේම නගිටල (උදේම කිව්වට 7.30 ට විතර) දත කට මැදගෙන තේ එකක් බීල එහෙම ගියා ගේ වටේ රව්මක්. මෙන්න බොලේ වතුර ටැංකිය පිටාර ගලනවා.(overflow වෙනවා කිව්වනම් තේරෙනවනෙ). චමිය බොහොම අමරුවෙන් වහලෙට නැගල බැලුවා මොකක්ද මේ සීන් කෝන් එක කියලා. බලනකොට ටැංකියේ float valve  එකේ කූර ඇදවෙලා. ඒ නිසා ටැංකිය සීමාව ඉක්මවා පිරිල.

මේ තියන්නෙ ඔය කියපු float valve එකක්. මේකෙ ක්‍රියාකාරිත්වය හිතාගන්න පුලුවන් ඇති කියලා හිතනවා. තේරෙන්නෙ නැත්නම් අහන්නකෝ...........


ඔන්න ඉතින් කොල්ලා ඒ කූර කෙලින් කරන්න ගිහින් කැඩුනනෙ හරි මැදින්ම. ඔන්න ඉතින් ඒ ගැන හිත හදාගෙන එකට පිලියමක් යොදන්නම් කියලා ඉතුරු ටික ගලවන්න පටන් ගත්තා. අනේ අපොයි. ඉතුරු කෑල්ලත් කැඩුනා. මාර අස්පට් එක. කොහොම කොහොම හරි ඒක ගලවගෙන පහලට බහිනකොට පහලිනුත් වතුර ලීක්. (කොල්ලා උඩ ඉඳන් වැඩ දාල ගලවන අතරෙ පහල ජොයින්ට් බුරුල් වෙලා).

 ඔන්න ඔය වෙලාවෙ චමියගෙ අම්මා වැඩ වගයක් කරගන්න town එකට යන්න සූදානම් වෙනව. චමිය කොල කෑල්ලක් අරගෙන එකෙ ලියල දුන්න 1" float valve එකක් ගෙන්න කියලා. එකත් අරන් චමියගෙ අම්මත් ගමන යන්න පිටත් උනා.

ඔන්න ඉතින් චමිය spanner දෙකක් එහෙම අරගෙන ගැලෙව්වා වතුර ලීක් වෙන තැන. ගලවල එතනට tread seal ටිකක් හොඳට ඔතලා ආයෙත් තද කලා ගලවපු non return valve එක.

මේ තියන්නෙ ඔය කියපු එක. මේකෙන් වතුර යන්නෙ එක පැත්තකට විතරයි. ඒකනෙ ඉතින් non return කියන්නෙ නේද...............


අනේ අපොයි. තද කරනකොට කැඩුනා කියමුකො ඒක දෙපැත්තට සවිකරන සොකට් දෙකෙන්  එකකුත්. කැඩුනු කෑල්ල ඔය පේන ත්රෙඩ් එක ඇතුලෙ හිරවෙලා. ඊට පස්සෙ දඬු අඬුවට දාල බොහොම අමාරුවෙන් ඒ කෑලි ටිකත් අයින් කරලා කොල්ල අම්මට ගත්තා දුරකතන ඇමතුමක් (Call එකක් කියල සිංහලෙන් කිව්වනම් තෙරෙනවනෙ).

කෝල් කරල අම්මට කිව්වා 3/4" male threaded socket එකකුත් ඕනි කියලා. හොඳ වෙලාවට කතා කරන වෙලාවෙ අම්ම හිටියෙ හාඩ්වෙයාර් ෂොප් එකේ. 

මාර වැඩේ. මෙන්න බොලේ ගේන්න කියපු float valve එක රුපියල්  1600 ක් ලු. ඒ වෙලාවෙ අම්ම අතේ ඒකට එචර වියදම් කරන්න සල්ලිත් නෑලු. ඊට පස්සෙ චමිය කිව්වා එහෙනම් ඒක එපා,  3/4" male threaded socket එක විතරක් ගේන්න කියලා. 

එහෙම කියලා කොල්ලා කල්පනා කලා දැන් මොකද කරන්නෙ කියලා. ටිකක් එහෙට මෙහෙට ඇවිදිනකොට චමියට හම්බුනා තඹ බට කෑල්ලක්. කොල්ලා මේක අරන් තලලා පොඩිකරලා කපල කොටලා කොහොමහරි හැදුවා කැඩුනු float valve එකේ කූරට හරියන කෑල්ලක්. එක සවිකරලා බැලුවා. වැඩේ ගොඩ. එක තිබුනා වගේම වැඩ. 

ඔන්න ඉතින් කොල්ලා යන්තම් සුසුමක් එහෙම හෙලලා වෙලාව බලනකොට 3.30 ටත් කිට්ටුයි. උදේ 8.00 ට විතර පටන් ගත්තු වැඩේ................

කොල්ලට දැන් හොඳටම බඩගිනි. ඊට පස්සෙ ඕං කකා ඉන්නකොට අම්මත් ආවා. කාලා ඉවරවෙලා ඉතුරු වැඩ ටිකත් ඉවර කරන්නම් කියලා තිතාගෙන අම්ම ගෙනාපු socket එක අතට අරන් බලනකොට.........


හත්වලාමයි...............  3/4" සොකට් එක වෙනුවට අම්මා ගෙනත් තියන්නෙ 1" සොකට් එකක්............

17 comments:

  1. niyamy, niyamy. digatama liyamu....
    adane mata meyage blog 1 hambnue....
    hmmmmm.... mu kawda neda?
    kiyamu balanna puluwan nam... ;-)

    ReplyDelete
  2. පිස්සු කොර කියහන්කො,,, ෆට්ට ෆට්ට මචන්,වඩ වාඩාත් ලිපි ලිවිමට වසනාව, භාග්ය හිමිවෙවා කියා පාර්තනා කොරනව එහෙනම්,,, :ඩ්

    ReplyDelete
  3. @Anonymouse;
    බොහොම ස්තූති වේවා කොමන්ට් එකට....

    ReplyDelete
  4. @ බිනිඳු;
    තැන්කූ මචං... ඔයාලගෙ කොමන්ට් වලින් තමයි මට ඉදිරියට යන්න පුලුවන් වෙන්නෙ... :D

    ReplyDelete
  5. he he thawama mm kawada kiyala danne na nedaoooo.... mm thamy oyage blog AK 1st comment kale..

    ReplyDelete
  6. අනේ ඉතිං Anonymous වෙන්න එපා. මොන දේ උනත් කොමන්ට් එකක් මට සෑහෙන්න වටිනවා. එකට තැන්කූ වෙවා. අරිගතෝ...

    ReplyDelete
  7. Ela machan.kauruwath wadiya hithanne nathi pattak gena ube blog eka liyawila thiyenne,niyamai.Eke amuthuma rasayak thiyenawa machan,Anyway Wish u all the best.and wish u can do creative Blogs like this.....

    ReplyDelete
  8. @ රුමේෂ් (අබා);
    බොහොම ස්තූතියි කොල්ලෝ කොමෙන්ට් එකට

    ReplyDelete
  9. දිගටම ලියමු සහෝ.. ගොඩක් ලස්සනයි.. සුබ පතනවා හදවතින්ම..

    ReplyDelete
  10. එල එල...ලියාගෙන යමුකෝ...සිරාවට බන් බ්ලොග් වල නිසැදැස් ලියනවට වඩා මෙන්න මේ වගේ වැදගත් දෙයක් ලියන එක එල....දෙන්නම් පයින් පාරවල් තුන හතරක්ම.....

    ReplyDelete
  11. චමියගෙ ගෑජමෑටික්ස් ගෑන ඉතින් අපි නොදන්නවයෑ... අපේ ගෙදර මහන මෑශිම හදන්න බෑ කියපු එක මේ චමිය නෙව හෑදුවෙ... චමිය වෑඩ්ඩා... ඉස්සරහට බලමුකෝ.. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙටලු නේ....

    ReplyDelete
  12. ඇත්තටම තවම චමියා වැඩ පටන් ගත්තෙ නෑ. තවම චමියා මේ බ්ලොග් එක හදාගන්න දත කනවා. රියල් ගැජමටික් ලඟදීම බලාපොරොත්තු වන්න.............

    ReplyDelete
  13. Chamiya den Loku Lamayek.......
    Good Luck Macho....

    Vajira..

    ReplyDelete
  14. mama thamy oyage blog ake 1st comment 1 damme hode..

    ReplyDelete
  15. @ chamli;

    බොහොම ස්තුති වෙවා. මට හිතුනා ඒ ඔයා වෙන්න ඇති කියලා. එත් අහන්න විදියක් නැති නිසා අහුවෙ නෑ ඕං.............

    ReplyDelete
  16. @ Anonymous(vajira);

    රොම්බ නන්ඩ්‍රි වේවා........

    ReplyDelete
  17. ගිහින් ගෙනාවනම් කාලෙයි සල්ලියි දෙකම ඉතුරුයි!

    ReplyDelete