විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Sunday, October 17, 2010

ගැජමැටික් අංක 1 හයිඩ්‍රොලික් රැම්(Hydraulic Ram)

හැමෝටම ආයිබොවං කිව්වා ඕං..........

ඔන්න ගෙනාවා චමියගෙ පලවෙනි ගැජමටික් එක. චමියගෙ කිව්වට ඉතිං චමියගෙම නෙවෙයි. ඔන්න ඉතිං කස්ටියටම මතක ඇතිනෙ පහුගිය දවස්වල  පේරාදෙනියෙ විස්සවිජ්ජාලෙ තිබුන EngX 2010 ඉංජිනේරු ප්‍රදර්ශනය. චමියත් ඉතිං ගියා ඕක බලන්ට. මොකද ඉතිං චමියට ඔය ගැජමටික් පේන්ට බෑනෙ. ඉතින් චමියා ප්‍රදර්ශනේ බලාගෙන බලාගෙන යනකොට දැක්කා මරු භාන්ඩයක්. මේක ඉතිං මරු කියන්නෙ විශේෂ හේතුවක් නිසා. 

එහෙනම් කෙලින්ම බහිමුකො මාතෘකාවට.................

Hydraulic Ram එහෙමත් නැත්නම් Hydram කියන්නෙ වතුර වල බලයෙන්ම ක්‍රියා කරන වතුර පොම්පයක්.
අමතර කිසිම බලයක් අවශ්‍ය වෙන්නෙ නෑ ඒකෙ ක්‍රියාකාරිත්වයට. ඒ වගෙම මේකෙන් පුලුවන් ජලාශයේ ජල මට්ටමට වඩා ඉහලට වතුර පොම්ප කරන්න. (ඒකනෙ ඉතිං පොම්පයක් කියන්නෙ නේද?)

මේ තියන්නෙ ඒකක රූපයක්......


මේවා ඉතිං එක එක හැඩ වලට තියෙන්නෙ පුලුවන්. බලලා ඉමුද මේකෙ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා. 


මේකෙ ක්‍රියාකාරිත්වය මේකයි. වතුර ටැප් එකක් එක වරම වැහුවොත් අතරමග වතුර බට කැඩුන අත්දැකීමක් තියෙන අයට නම් මේක හොඳට තේරෙයි. මෙම උපකරණයට යොදාගෙන තියන්නෙත් ඒ සිද්ධාන්තයමයි. 

මෙහි ජල සැපයුම (feed pipe) ඔස්සේ ජලය ගලා විත් ප්‍රධාන කරාමයෙන් (Main valve) ජලය ඉවතට යයි. එවිට එම ඉවත්වන ජල පහරට හසුවන එහි කරාමය වැසෙයි. එවිට ඇතිවන අධික පීඩනය නිසා එම ජල පහර එක විටම ඉහලට ගොස් වායු ටැංකියට පිරෙයි. නමුත් එහිදී ටැංකිය තුල ඇති වාතය ක්ෂනිකව තෙරපීමකට ලක්වෙයි. එහිදී ඇතිවන පීඩනයෙන් ජල පහර නැවත ආපසු පහලට තල්ලු වේ. නමුත් මෙහිදී එක් පසකට පමණක් ජලය ගලන කරාමයක් (check valve) සවි කර ඇති නිසා ජල පහරට ආපසු පහලට ඒමට නොහැකි වේ. මේ නිසා එම ජල පහරට යාමට ඇති එකම මග වන ඉහලට එම ජල පහර තල්ලු වේ. එවිට ප්‍රධාන කරාමය අසල ප්‍රදේශය සාමාන්‍ය පීඩන තත්වයට පත් වේ. එවිට එහි ඇති ස්ප්‍රින්(spring) එක නිසා නැවත ප්‍රධාන කරාමය ඇරෙයි. ආයෙත් පෙර පරිදිම වෙයි............... ඔන්න ඕකයි කතන්දරේ........

නමුත් මෙම උපකරණයේ කාර්යක්ෂමතාවය 10% පමණ කියල තමයි කියන්නෙ...... ඒකට හේතුව වැඩි ප්‍රමාණයක් ජලය ප්‍රධාන කරාමයෙන් ඉවතට යාමයි.

මේක ක්‍රියා කරන විදිය වීඩියෝ එකකින් බලන්න මෙතන ක්ලික් කරන්න.

Hydram එකක් ගෙදරදිම පහසුවෙන්ම හදාගන්න විදිය ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්නකෝ.........

මේක දැකල චමියට ඒ ගැන ආසාවක් හිතුන නිසා ගෙදර ඇවිත් ගූගුල් දෙවියන්ගෙන් අහල තමයි  විස්තර හොයාගත්තෙ. මේ දවස් වල චමියත් එකක් අටවනවා. 

හැබැයි ඉතිං මේක භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ ස්වභාවිකව නොමිලේ වතුර ලබාගන්න පුලුවන් පැත්තක විතරයි............

මේක ගැන තමන්ට හිතෙන ඕනිම දෙයක් කියන්ටකෝ....................

9 comments:

  1. niyamai ayye..................

    ReplyDelete
  2. මේක නම් අපේ පැත්තට හරියන්නෙ නෑ නෙ බන්..ඒත් මේක මැක්සා..මේ වගේ ඒවා හිතෙන..හදන කොල්ලො කොචර ඉන්නවද..උන්ට සප් එකක් දෙන්න පුලුවන් නම් එල...පෝස්ට් එක නම් එල...වල් වල් දාන්නෙ නැතුව වැදගත් වෙන දෙයක් බ්ලොග් එක්ක ලිව්වම කියවන්න ආසයි..එල චමී..දිගටම අලුත් අලුත් වැඩ කෑලි ගැන ලියපන්

    ReplyDelete
  3. @ Ano; බොහොම ස්තූතියි...........

    @ රත්ගමයා; අනිවා අනිවා...... ඕනි කෙනෙකුට මම දන්න ඕනිම දෙයක් බොක්කෙන්ම කියල දෙනවා..........

    ReplyDelete
  4. නියමයි මචන් මේ වැඩේ නම්... තියරිය හොඳයි. කාර්යක්ෂමතාවෙ තමයි කේස් එක නේද? ඒත් ඉතිං අටවගත්තට පස්සෙ ඔන්න ඔහේ වැඩ කරන්නනෙ නැතෑ...

    සිරාවටම හොඳ පෝස්ට් එකක්!

    එල!

    ReplyDelete
  5. නියමයි !! සුපිරි, දිගටම ලියන්න..

    ReplyDelete
  6. @ h;
    කිසිම බාහිර ශක්තියක් බලා දිය යුතු නැති නිසා ඉතිං 10% උනත් ඇතිනෙ. කිව්වත් වගේ අටව ගත්තට පස්සෙ දිගටම වැඩනෙ............

    @ ගීත්;
    ටැංකූ වේවා..............

    ReplyDelete
  7. apith baluwa, niyamy niyamy.... digatama liyamu..

    ReplyDelete
  8. අඩේ මේකක් නම් අටව ගන්නම ඕනේ

    ReplyDelete