විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Friday, October 29, 2010

රොබෝ කුරුමිණියා

ඔන්න ඉතින් මහා ලොකු වැඩ ගොඩකට පස්සෙ චුට්ටි විවේකයක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්ට. තියෙන විසේට චමියත් ගියානෙ රොබෝ තාක්ෂනේ ඉගෙන ගන්ට.

මෙන්න මේකයි කතාව...

බොහොම ආසාවෙන් ගියා කියමුකො ඉතිං. ගියාම ඉතිං ඔන්න ඒ ගැන විස්තර ටිකක් එහෙම කරලා පුදනකොටම කාපි යකා කිව්ව වගෙ දුන්නනෙ තඩි අසයින්මන්ට් එකක්. මාතෘකා 8 ගැන රිසර්ච් එකක් කරලා ප්‍රසන්ටේෂන් එකකුයි ප්‍රොජෙක්ට් රිපෝට් එකකුයි හදන්ට කිව්වා. එකනම් කමක් නෑ කියමුකෝ. මොකක් හරි කමක් නෑ වැඩ කරන රොබෝවෙකුත් හදන්ට කිව්වනෙ. දවස් පහක් ඇතුලත වැඩේ බාර දෙන්න කියලත් කියාපි........... දැන් මොකක් කරන්ටද? උස්සගෙන ගියපු මලු ඔක්කොම සුම්මලගෙ ගෙදර තියලා (සුම්ම කියන්නෙ චමියගෙ හොඳ යාලුවෙක්) ආව ගෙදර. ඇවිත් රිසර්ච් එක කරල ප්‍රසන්ටේෂන් එකත් හැදුවා. දැන් හදපන්කො රොබෝවෙක්.

කල්පනා සාගරෙ කිමිදිල කිමිදිලා හදන්ට එකක් කල්පනා කලා. ගූගුල් දෙයියන්ගෙනුත් අහල "උඹ බටේ" (YOUTUBE) එක පැත්තෙත් රව්මක් ගහල හදන්ට ගත්තා කුරුමිණියෙක්. කුරුමිනියෙක් කිව්වට ඒක ටිකක් ලොකුයි. දැන් ඉතින් හොයාපන්කො ලොකු දැති රෝදයක්. හැම තැනම හෙව්වා හොයාගන්ට බැරි උනා. අන්තිමට මතක් උනා රේඩියෝ වල මීටරෙ අල්ලන්ට කරකවන කෑල්ලෙ හොඳ දැති රෝදයක් තියනවා කියලා. පරන බඩු දාල තියන ඉස්ටෝරු කාඹරේ රවුමක් යනකොට මෙන්න බොලේ තියනවා පරන රේඩියෝ එකක්. චමියගෙ සතුට ඉහවහා ගියා ඕං... ඉතිං ඕකත් අරන් දූවිලි එහෙම ගසල දාල ගලවලා බැලුවා.  හොඳ වෙලාවට චමියා හිතපු විදියෙ එක්ම ඒකෙ තිබුනා. ඔන්න චමියා වැඩේ පටන් ගත්තා. කපල කොටක අරන් සිලිකොන් ගම් ටිකක් එහෙම ගාල අලවලා, වැඩේ ඉවර වෙනකොට ඊයෙ හවස 6 ට විතර ඇති. වේලෙනකන් කරන්ට දේකුත් නෑ.

ඉතින් ඔන්න අද උදේ ඇහැරල ගිහින් බැලුවා වේලිලද කියලා. කෙලපං තම්බිට හැලප........ ගම් ටික ගාපු විදියට එහෙම්මයි. ගම් එක නරක් වෙලා තිබිල තියන්නෙ. වේලෙන්නෙ නෑ. දැන් අහවල් එකක් කරන්ටද? කල්පනා පාරක් දාල හොයා ගත්තා තඹ කම්බි ටිකක්. වෙලුවා මුලක ඉඳන්. හෆෝයි...... ගාපු ගම් ටික ඇඟ පුරාම ගෑවිලා. බොහොම අමාරුවෙන් අටවලා අටවලා හදාගත්තා. ඒත් ඉතින් ඒක කාටවත් පෙන්නන්න පුලුවන් තත්වෙකනම් නෑ..... බල්ලා බැබිල ගහේ ටී......ක් වගේ. ඔක්කොම හරි කියමුකෝ. ඔන්න ඉතින් බැලන්ස් කරල එහෙන හදල දුන්නා කරන්ට් එක. කිරිටොයියා වගේ වැඩ. බොහොම සන්තෝසෙන් තියල බැලුවා බිම. හුටා........ මේකා යන්නෙ නෑ........ගියර් වීල් සෙට් එකට මේකෙ බර අදින්ට බෑ.  කරන්ට දෙයක් නෑ. වෙන එකක් හදන්ටත් වෙලාවකුත් නෑ. හෙට වෙනකොට ගෙනියන්ටත් ඕනි. ඒ නිසා ලැජ්ජ නහරෙ කපල පැත්තකට දාල හෙට ඒක අරන් යනවා. වෙන දෙයක් වෙච්චාවෙ..........


 මේ ඉන්නෙ මගෙ කුරුමිණියා..............






මේකා බිම තියපුවමනම් වැඩ කරන්නෙ නෑ. කකුල් උඩු අතට තියපුවම වැඩ කරන්නෙ මෙන්න මෙහෙමයි.... එතකොට ඇවිදින විදිය හිතාගන්න පුලුවන්නෙ.............


මොකද හිතෙන්නෙ මගේ කුරුමිණියා ගැන? දාන්ට බලන්ට කමෙන්ටුවක්.............

                                                                                                                                  ලිපියේ අයිතිය චමියට

9 comments:

  1. අඩා පට්ටයි චමී...වැඩ නොකරට වැඩේ එල...කොහොමත් එකෙක් කිව්වා උඹ වැඩකාරය කියල..අත අරින්න එපා.....දියන් කැරකෙන්න කුරුමිනියා

    ReplyDelete
  2. ara ho gala wada kewe meka hadapu nisada. niyama wade bro, mu ta thawa kakul set 2k damma nam hodata aviddawanna thibuna neda. athakota kakul 8ine. 4n4 bima thiya// yanna puluwan. meka develop karanawa nam ahema karamu. mamath help 1k dennamko..

    ReplyDelete
  3. @ රත්ගමයා;
    හැදුවා හැදුවා වැඩකරන්න හැදුවා.......... ගින්දර වගේ වැඩ....... බට් වට් ටු ඩු.......... මම නීතියකට යටත් වෙලා........ මේකා ගැන මට මිට වඩා කිසිදෙයක් ප්‍රචාරය තහනම්........................

    @ චම්ලි;
    ඔව් ඔව් මේ දවස වල මයික්රෝකොන්ට්‍රොලර් එකක් දාල වැඩිදියුණු කරනවා...............

    ReplyDelete
  4. Methanin patangaththa kuruminiya kochchara dura giyada kiyala danne api witharai neda chamiyo... :D

    ReplyDelete
  5. @ කලු පූසා:
    අනිවා ඩෙෆා..............

    ReplyDelete
  6. කුරුමිණියා හදන හැටි අපිටත් කියලා දුන්නා නම් අගෙයි.....

    ReplyDelete
  7. කැරකේන කූරූ මිණියේක් නේද ..අනේ මංදා..
    කොහොම උකත් වැඩේ නියමයි මචං..එල

    ReplyDelete
  8. ඇවිදින්නේ නැති එක ගැන දුකයි! වැඩ කරා නම් එළ නේ! ඉතිං ගෙනිච්චම මොකෝ කිව්වෙ!

    ReplyDelete